(තිළිණි ද සිල්වා )
ගෞතම බුදුන් උපත ලැබූ නේපාලයේ ඓතිහාසික ලුම්බිණි නුවර සංරක්ෂණය කරන ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නේපාලයට සහය දීමට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා අවසන් කළ සිය නේපාල සංචාරය අතරවාරයේදී මෙම ශ්‍රී ලංකාව මෙලෙස සහාය දීමට පොරොන්දු වූ බව එම අමාත්‍යාංශය පෙන්වා දේ.
ඓතිහාසික ලුම්බිණි පුදබිම සංරක්ෂණය කිරීම සහ එහි පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ලුම්බිණි ප්‍රධාන සැලැස්මේ අරමුණ වේ.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි පුදබිම වෙතට වාර්ෂිකව 50 ,000 කට අධික ලාංකික බැතිමතුන් පිරිසක් එම පුදබිම වැඳපුදා ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.
මීට අමතරව ශ්‍රී ලංකා සහ නේපාල ජනාධිපතිවරුන් දෙපළ අතර පැවති හමුවීමේදී දෙරට අතර සංචාරය කරන සංචාරකයන් හා කලාපයට පිටතින් පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා මුලපිරීමක් වශයෙන් බෞද්ධ සංචාරක ප්‍රදේශයක්’ ප්‍රවර්ධනය කිරීමේ හැකියාවද නායක දෙපළගේ සාකච්ඡාවට බඳුන් වූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.