(සුමතිපාල දීයගහගේ )
නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් අද (9) ගාල්ල මාගල්ල ගංගාරාම පාරේ මොරගොඩ ඇලේ පාවෙමින් තිබියදී සොයා ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
වයස අවුරුදු 85 ක් පමණ වන මෙම කාන්තාව සුදු පැහැති අත් කොටහැට්ටයක් සහ නිල් පැහැති චීත්තයක් ඇඳ සිටි බවත් ඇය කුඩා කරාබු දෙකක් පැළද සිටි බවත් පොලිසිය පැවසීය.
මෙම මළසිරුර කරාපිටිය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මළසිරුර හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd