
( අශෝක තිලකරත්න)
හම්බන්තොට දිමුතුගම රණවරනාව වැව අසල නිධානයක් හාරමින් සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවෝ සූරියවැව සහ කෑගල්ලේ පදිංචි කරුවෝ වෙති. වතුර මෝටරයක් සහ නිදන් හෑරීමට යොදාගන්නා උපකරණ කීපයක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.