( නිමල් ජයරත්න සහ කරුණාරත්න ගමගේ )
 
පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලුවේ ඉපැරණි  ස්ථානයක නිධන් සෙවීමට ගිය චීවරධාරියකු,සිවිල් ආරක්ෂක බළකායේ නියාමකවරයෙකු ඇතුළු හය දෙනකු උපකරණ සමඟ  අද (26)  වැලිකන්ද පොලීසිය  අත්අංගුවට ගෙන තිබේ.
 
සැකකරුවෝ මහවැව , සෙවනපිටිය යන ගම්මානයන්හි පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.