(ඩී.කේ.රත්න)
වැලිමඩ නැදුන්ගමුව මැදගොඩ ප‍්‍රදේශයේ නිධන් හාරමින් සිටි යකදුරෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
වැලිමඩ නැදුන්ගමුව , ගොකරැල්ල සහ හඟුරන්කෙත යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී මොවුන් නිධන් හෑරීමට භාවිතා කළ දේව පිංතූර එකක්, මල් බුලත් තට්ටුවක්, කොළ සහ රතු පාට රෙදි කැබලි තුනක් , පිහියා දෙකක්,උදලූ එකක්, බාල්දි එකක් සහ කඹයක් ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිස්සු ලංකාවේ නිධන් කියලා දෙයක් නැහැ.