(දයාරත්න ඇඹෝගම )
සියඹලෑව තුලානේ රජයේ රක්ෂිත ඉඩමක නිධන් වස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි යුද හමුදා භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියපුර හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන හමුදා භටයෙකි. අනෙක් පුද්ගලයා සියඹලෑව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයන් නිධන් හාරන බවට පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැණිනි.
පුජා භාණ්ඩ සහ පොළොව කැණිම් කිරිම සඳහා භාවිතා කළ අවි ආයුධ කිහිපයක් ද සැකකරුවන් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd