(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
නිධානයකින් ලබාගත් යැයි කියන ගජමුතුවක්, ඇත්දලවලින් කැටයම් කරන ලද කිඹුලන් දෙදෙනෙක්, කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 07 ක් සමගින් එක් සැකකරුවෙක් ගාල්ල කළුවැල්ලේදී අද (06) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.
වයස අවුරුදු 33 ක් වන සැකකරු අකුරැස්ස හුලංදාවේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ ලද තොරතුරකට අනුව මෙම භාණ්ඩ සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ එම භාණ්ඩ විකිණීම සඳහා සැරසෙමින් සිටියදී බව පොලීසිය පවසයි.
සැකකරු සමගින් අත් අඩංගුවට පත් භාණ්ඩ හෙට (07) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා පොලිස්.. ඔක්කොම ප්‍රශ්න ඉවරයි.