(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ ප්‍රදේශයේ පොල්වත්තක නිදන් හාරමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
මෙම පිරිස සමඟ බැකෝ යන්ත්‍රයක් ඇතුලු භාණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පොලිස් කණ්ඩායම එම ස්ථානයට යනවිටත් බැකෝ යන්ත්‍රය මගින් අඩි 30 කට වැඩි ප්‍රමාණයක වලක් හාරා තිබූ බව පොලිසිය පැවසීය
එහි එකතුවන ජලය ඉවත් කිරීමට අධිබලැති ජල පොම්ප 5 ක් යොදවාගන තිබූ බවත් නිධානය ගොඩගැනීම සඳහා තවත් අඩි 4 ක පමණ ප්‍රමාණයක් ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ බවත් පොලිසිය කීය.
මෙම පිරිස මීට දින 05 කට පමණ පෙර මෙම වත්තේ නිවසක ලැගුම් ගෙන ඇති බවත් බැකෝ යන්ත්‍රය හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කුලී පදනම යටතේ ලබාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හලාවත බංගදෙනිය ප්‍රදේශයේ හෝටලයක නැවතී සිට මෙම නිදන් ගොඩගැනීමේ කටයුත්ත සඳහා එහි සිට පැමිණ ඇති බව පොලිසිය කීය.
බැකෝ යන්ත්‍රයක් , මෝටර් රථ දෙකක් , යතුරුපැදි දෙකක් , යන්ත්‍ර සහිත සුර 08 ක් , දුරකථන 12 ක් , මේනු කෙවෙනි සහිත වයර් රෝලක් , වතුර මෝටර් 05 ක් වතුර බට තොගයක් , චේන් බොලොක්කයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිදන් හෑරූ 10 ක් උපකරණ සමඟ අත්අඩංගුවට