(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි)
නිට්ටඹුව මීවල ප‍්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනීමේ අරමුණින් කැනීම් සිදු කළ බව කියන පුද්ගලයින් අට දෙනෙකු ඒ සඳහා යොදාගත් ආයුධ , පූජා භාණ්ඩ ,මෝටර් රථයක් , ත‍්‍රී රෝද රථයක් සහ යතුරු පැදි දෙකක් සමඟ අද (23) අත්අඩංගුවට ගත් බව විරගුල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කලගෙඩිහේන, ගොරකාදෙනිය ,විදියවත්ත සහ රත්නපුර යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
යක්කල වීදියවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අක්කර හතක ඉඩමක් බලා ගැනීම සඳහා නිට්ටඹුව කලගෙඩිහේන ප‍්‍රදේශයේ පුද්ගයෙකුට භාර දී ඇති අතර මෙම ඉඩමේ නිදන් ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙසේ නිදන් සෙවීමට තැත් කර ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී තිබේ.
නිධන් හෑරීම සඳහා යොදාගත් මෙම ඉඩමේ පැරණි නිවසක යැයි සිතිය හැකි නටබුන් ඉතිරිව ඇති අතර අදාල ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්දැයි වාර්ථාවක් ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවටද කල්කිරීමට නියමිතය.
සැකකරුවන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (24) ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.