(ඩී.කේ.රත්න )
ඇල්ල- බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාධිත බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
ඇල්ල- බල්ලකෙටුව දොඩම්ගොල්ල උඩගම පදිංචි වයස අවුරුදු විසි හතක පුද්ගලයෙකු මෙම ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
දොඩම්ගොල්ල උඩගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ළඟ නීති විරෝධී ගිනි අවියක් තිබෙන බවට ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා සමඟ ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd