IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධී කිරුම් මිනුම් කළ වෙළඳුන් 4 කට නඩු

(හාලිඇල- විජේරත්න රත්නායක)
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් සිදුකළ හදිසි වැටලීමකට අනුව වෙළඳාම් කටයුතුවලදී නීති විරෝධී කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ බදුල්ල හා මීගහකිවුල ප්‍රදේශවල වෙළෙන්ඳන් සිවු දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට එම කාර්යාලයීය නිලධාරීන් පියවර ගෙන තිබේ.

අදාළ වැටලීම්වලට අනුව මීගහකිවුල සතිපොලේ එළවළු අලෙවි කිරීම පිණිස අදාළ වර්ෂය සඳහා මුද්‍රා නොකළ ඉලෙක්ට්‍රොනික තරාදියක් භාවිතා කළ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි වෙළෙන්ඳෙකුට, කෙසෙල් ආදිය අලෙවි කිරීමට අනුමත නොකළ මාදිලියක කිරුම් උපකරණයක් භාවිතා කළ බදුල්ල දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේ හෝටලයක හිමිකරුට සහ පළතුරු හා බයිට් වර්ග අලෙවියේදී අදාළ වර්ෂය සඳහා මුද්‍රා නොකළ තරාදි භාවිතා කළ බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පළ අවට වෙළෙන්ඳන් දෙදෙනෙකුටද මෙසේ නඩු පැවරීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත් යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්ය භාර නිලධාරී කේ.සී.ඒ.පෙරේරා, මිනුම් සේවා පරීක්ෂක පී.ඒ.ටී.පී.කුමාර, මිනුම් ප්‍රමිති සහායක කේ.පී.වසන්ත කුමාර හා ටී.අයි.ඒ.මෙන්ඩිස් සහ බදුල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී සමන් හේරත් යන මහත්වරු මෙම වැටලීම් සඳහා එක්වූහ.



අදහස් (1)

නීති විරෝධී කිරුම් මිනුම් කළ වෙළඳුන් 4 කට නඩු

ravi Saturday, 31 August 2019 01:17 PM

කිලෝ එකකට ග්‍රෑම් 750 කියන මිනුම් චක්‍රය තියෙන්නේ අපේ රටේ පමණයි . අනිත් රටවල්වල කිලෝ එකකට ග්‍රෑම් 1000 ක් තියනවනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site