
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම බස්නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ පරික්ෂාවකදී නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි හක්බෙල්ලන් 1,977 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර් ය බලකාය පවසයි.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි නිවසක් සෝදිසියටකට ලක් කොට ඇත.
එහිදී නිවසේ වලංගු බලපත්‍රයක් නොමැතිව සඟවාගෙන සිටි රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා අදාල හක්බෙල්ලන් තොගය සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු සහ හක්බෙල්ලන් තොගය ඉදිරි විමර් ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජසම්පත් කාර් යාලය වෙතට භාර දීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.