කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී නීතීවිරෝධිව නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
එහිදී ඔවුන් සතුව තිබූ කකුලුවන් ඇල්ලීම සඳහා භාවිතා කරන දැල් කිලෝ ග්‍රෑම් 20 ක්, කකුලුවන් කිලෝ 03 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කකුලුවන්, දැල්, සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd