නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
පුල්මුඩේ, කොක්කුතුඩුවයි ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික තටාකාංගණය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.
(36698)
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd