IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

(කටුනායක ටී.කේ.ජී.කපිල )
 උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විස්කි සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් සමඟ තරුණයින්  සිව්දෙනකු අද (29)  අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 මොවුන් සියලු දෙනා අද (29) දින අලුයම 1.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
 මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණැගල,එල්ලක්කල, නිට්ටඹුව,  ප්‍රදේශයන්හි පදිංචිකරුවන් සිව් දෙනෙකි.

අත්අඩංගුවට ගත්  සියලුම දුම්වැටි ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි වු අතර  මෙසේ මොවුන් සියලු දෙනා නීතිවිරෝධී ලෙස ගෙන ආ දුම්වැටි තොගයේ දුම්වැටි 65,900 ක් අඩංගු දුම්වැටි කාටූන් 329 ක් සහ  පැකට් 05 තිබිණි.

මීට අමතරව විස්කි බෝතල් 07 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 11 ක් ද රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර , මේ සියල්ලේ වටිනාකම රුපියල් 34,58,650 පමණ වෙතියි රේගුව පවසයි.
  මොවුන් සියලු දෙනාම වෙනත් කිසිදු රැකියාවක් නොකරන අතර , විකිණිම සඳහා දුම්වැටි සහ විස්කි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහාම ඩුබායි වෙත ගොස් ඇති බව රේගුව අනාවරණය කර ගෙන තිබේ .
 
 ගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ අතර , පළමු , තෙවන සහ සිව්වන ගුවන් මගීන් සදහා රුපියල් 50,000 බැගින් ද , දෙවන ගුවන් මගියා සදහා රුපියල් 75,000 ක් ද වශයෙන් රුපියල් 2,25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත.
 



අදහස් (0)

නිතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site