(රොමේෂ් මධුෂංඛ)
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන්නන් සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බලකරමින් අද(07) කිලිනොච්චියේ කෝනාවිල් ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවූහ.
මත්පැන් නිෂ්පාදනය වැඩිවීම හේතුවෙන් තරුණ පරම්පරාව විනාශ වනබවත්, එයින් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි අවදානමක් එල්ල වන බවත් විරෝධතාකරුවෝ පැවැසූහ.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පවා ඊට ඇබ්බැහි වී සිටින බවත්, යුද්ධය අවසන් වුවද මත්පැන් යුද්ධයකට තමන් මුහුණ දී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.
පොලීසිය මැදිහත් වී විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර, නීතිවිරෝධී මත්පැන් නිපදවන ස්ථාන විනාශ කර ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇහෙන්නේ කසකාරයින්ගේ සද්දේ නේද ? එහෙනම් පෙරහැරත් ලඟම එනවා ඇති ..