(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව කොච්චිකඩේ ගඟේ නීතිවිරෝධී වැලි ජාවාරමක් කළ සැකකරුවන් තිදෙනෙකු ඇතුළු දේපල අද (8) අත්අඩංගුවට ගනු ලැබු බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.
කොච්චිකඩේ පොලිස් වසමට අයත් දූරියන් ගස් හංදිය තොටුපළ පිහිටි මා ඔය ගඟේ දෙපස ඉවුරු කඩා බෝට්ටුවලට පටවමින් ගොඩට ගෙන මුදලට අලෙවි කරමින් කලක සිට මෙම මහ පරිමාණ වැලි ජාවාරම ඉතා සූක්ෂම අයුරින් පවත්වාගෙන ගොස් තිබු බව පොලීසිය කියයි.
මා ඔය ගඟේ වැලි ගොඩ දාමින් සිටි සහ ලොරි රථ වලට වැලි පටවමින් සිටි සැකකරුවන් පිරිස සහ
බෝට්ටු දෙකක්, වැලි පැටවූ ලොරි රථ දෙකක්, යකඩ සවල්, වැලි ගොඩ දැමීමට සකස් කරන ලද පනිට්ටු ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් දිනකට වැලි ටිපර් රථ 10 ක් පමණ නීතිවිරෝධි ලෙස අලෙවි කර රුපියල් ලක්ෂයකට අධික මුදලක් උපයා ගන්නා බවට කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිවිරෝධීව වැලි ජාවාරම් කළ තිදෙනෙක් අත්අඩංගුවට
de silva berlin Saturday, 09 March 2019 01:46 AM
ගැඹුරු මුහුදින් වැලි පොම්පකර සෝදා පරිභෝගිකයන්ට සහන මිලට බෙදා හරින තෙක් මෙම ජාවාරම් ක්‍රියාත්මක වේවි, වැලි නැතුව කොහොමද ඉදිකිරීම් කටයුතු කරන්නේ, මෙම ප්‍රශ්නය රටේ ආර්ථික වර්ධනයට බලපානවා, පොර්ට් සිටි, කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගැඹුරු මුහුදින් වැලි පොම්ප කලා, සැම දෙයක්ම තහනම් කිරීමෙන් ප්‍රශ්න නොවිසදේ/ තහනම් කිරීමට පෙර විකල්ප සොයා බලා ක්‍රියාත්මක කල යුතුය .