(තුසිත කුමාර ද සිල්වා)
උඩුගල කන්ද බුලත්සිංහල රබලිය රක්ෂිත වනයෙන් නීතිවිරෝධීව ඇතුළු වී වල්ලාපට්ට ශාක කපා කොටස් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා ඉංගිරියේ අඩවි වන නිලධරයෝ පවසති.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදියක් හා ත‍්‍රිරෝද රථයක් වනඅඩවි නිලධාරීන් බාරයට ගැණිනි.
කන්ද රබලිය රජයේ රක්ෂිතයේ වල්ලාපට්ටා ශාක නිතිවිරෝධි ලෙස කපන බවට ලද තොරතුරක් මත වන සංරක්ෂන නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ කලවාන හා අයගම ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස්වල පසුවන්නෝ වෙති.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd