(මහේෂ් කිර්තිරත්න)
නීතිවිරෝධි ලෙස බලපත්‍ර නොමැතිව උකුවෙල වරකන්දවත්ත ප්‍රදේශයේ පස් කැපීමේ නිරතවු පුද්ගලයින් තිදෙනෙකු සමඟ පස් කැපීමට යොදා ගත් බැකෝ යන්ත්‍රයක් සහ ටිපර් වර්ගයේ ලොරි රථ දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ආදළ බැකෝ යන්ත්‍ර සහ ටිපර් රථ අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මාතලේ මුලස්ථාන පොලිසියට බාර දි ඇති අතර සැකකරුවන් අද (13) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වරකන්ද ප්‍රදේශයේ කාලයක් තිස්සේ මෙම පස් කැපීම් සහ වැලි ගොඩ දැමීම් සිදු කරන බවත් විශාල පරිසර හානියක් ද මේ වන විට සිදුව ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd