(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය පොලීසිය මගින් අත් අඩංගුවට ගත් හොර හරක් දහ අට දෙනෙකු (18) ප්‍රදේශයේ කිරි ගොවීන් අතර බෙදාදීමක් අද (11) තෙල්දෙණිය දිස්ත්‍රික් 11 භාර සහකාර පොලිස් අධිකාරි ආර්.එම්. කීර්ති නිහාල් රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තලාතුඔය පොලීසියේදි සිදු කෙරිනි.
පසුගිය ජූලි විසිතුන්වන දින (23) මයිලපිටිය ප්‍රදේශයේදි මෙම හරක් ලොරිය අත් අඩංගුවට ගත් අතර හරකුන් විසි එක් (21) දෙනෙක් ගැටගසා එකපිට පටවා හිංසාකාරි ලෙස ප්‍රවාහනය කොට ඇත.
ඒ අතර මී ගවයින් තිදෙනෙකු සිටි අතර එක් මී ගව පැටියෙකු ලොරිය තුලදී මියගොස් සිටි අතර තවත් ගවයෙකු දැඩි සේ අසනීප වි පසුගිය දිනක මියගියේය.
මහියංගන ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයකට මෙම ගවයින් ප්‍රවාහනය කොට තිබූ අතර පොලිස් පරීක්ෂණ වලදී හොර හරක් බවට තහවුරු වි ඇත.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් නියෝගයක් මත මෙම හරකුන් ප්‍රදේශයේ ගව පාලනයේ යෙදෙන සිංහල හා දෙමළ ජාතික ගොවීන් අතර බෙදා දෙනු ලැබීය.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකෝන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ලොරිය අත් අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.



2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිවිරෝධීව තබාගත් ගවයින් කිරි ගොවියන් අතර බෙදාදෙයි
ravi Saturday, 11 August 2018 10:57 AM
අපගේ උපරිම ගරුත්වය .. ඔබ සියලු දෙනාටම ..!