IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගනී

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී අද (14) සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකළ පා මුර සංචාරයක් අතරතුර මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන තිබේ.

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් හමුවී ඇත.

මෙම මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12 ක සඟවා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.

සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත බාර දී තිබේ.

(28535)

 

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය)



අදහස් (0)

නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 253 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site