ජුඩ් සමන්ත
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසත් උන්වහන්සේට බන්ධනාගාරයේදී චීවරය දරා සිටීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලමින් අද (19) නාත්තන්ඩිය නගරයේදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්විය.
නාත්තන්ඩිය භික්ෂු එකමුතුව විසින් සංවිධානය කර තිබූ මෙම සත්‍යග්‍රහයට මහා සංඝරත්නය මෙන්ම ගිහි පිරිසක්ද සහභාගි වූහ.
නාත්තන්ඩිය වීරහේන පිරිවෙනට එකතු වූ මහා සංඝරත්නය සහ ගිහි පිරිස එතැන් සිට නාත්තන්ඩිය නගරය දක්වා පා ගමනින් පැමිණ අනතුරුව සත්‍යග්‍රහයේ නිරත වූ අතර නාත්තන්ඩිය නගරය තුළ දැඩි පොලිස් මුරකාවල්ද යොදා තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd