(පුත්තලම - ජුඩ් සමන්ත.)
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථ වාහන අංශය විසින් හලාවත ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන නීති උල්ලංඝනය කළ රියදුරන් 27 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
14 වැනිදා මෙම මෙහෙයුම සිදු කර ඇත.
හලාවත නගරයට ආසන්නයෙන් රිය අනතුරු බහුලව සිදු වන බවට හඳුනා ගෙන ඇති ස්ථාන වලදී මෙම මෙහෙයුම දියත් කර ඇත.
මාර්ග නීති කඩ කළ රියැදුරන් 15 දෙනෙකුට, ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය කළ 05 දෙනෙකුට සහ වෙනත් රථ වාහන වැරදි සිදු කළ රියැදුරන් 07 දෙනෙකුට එරෙහිව කටයුතු කර ඇත.
ත්‍රී රෝද රථ රියදුරන්, යතුරු පැදිකරුවන් සහ පුද්ගලික බස් රථ රියදුරන් දැනුවත් කිරීමටද රථ වාහන නිලධාරීන් මෙම මෙහෙයුමේදී කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබුණි. අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බහුතරයක් සුඛෝභෝගී වාහන පැදවූ රියදුරන් වීම විශේෂත්වයකි.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුකම් බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඉතා අගෙයි.ඊයේ අපි කතරගම ගියා.අලුත් වාහන ඩබල් ලයින් කපා ගෙන යන හැටි දැක්කම පොලිසියක් නැද්ද කියලාත් හිතෙනවා