(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නොච්චියාගමදී ගංජා තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රභූ ආරක්ෂක අංශයකට අයත් උපපොලිස් පරීක්ෂකවරයාගේ මීරිගම නිවස,ඔහුගේ හිතවතුන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ නිවාස ගණනාවක් අද (13) පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

මීරිගම පොහොන්නරුව සහ වේයන්ගොඩ පෙදෙස්වල නිවාස කිහිපයක් මෙසේ පරීක්ෂාවට ලක් කර ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විවිධ මත් ද්‍රව්‍ය ජාවාරම්වල  නිරතවූවන් ගණනාවක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද මෙම පරීක්ෂණවලදී හෙලිවී ඇතැයි පොලිසිය කියයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා  මිතුරකු සමඟ ගංජා තොගය ගෙනයමින් සිටියදී නොච්චියාගම හල්මිලකුලම වැව් බැම්ම මතදී මෝටර් රථයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇත.