එෆ්.අස්ලම්
බදුල්ල බස් නැවතුම්පලේ පොදු වැසිකිලිය පෙනි පෙනී නගර අපවිත්‍ර වන ආකාරයෙන් අශෝබනව මූත්‍රා කළ පුද්ගලයින් 20 දෙනෙකු බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් කොටු කර ගෙන තිබේ.
බස් නැවතුම්පල අවට අපවිත්‍ර වන ආකාරයෙන් මූත්‍රා කිරීමෙන් වන පීඩාවන් පිළිබද මගීන්ගෙන්,වෙළදුන් මෙන්ම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අංශය වෙත ලද පැමිණිලි මත මෙම වැටලීම සිදුකර ඇතැයි බදුල්ල මහ නගර සභාව සඳහන් කරයි.
මේ අනුව ඊයේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමෙන් පොදු වැසිකිලිය පෙනි පෙනීම බස් රථ පිටුපසට වී මූත්‍රා කළ පිරිස් හසුකර ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
මෙම පිරිසට එරෙහිව ලබන 11 වැනි දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන ඇති අතර නගර සභාවේ මෙම ක්‍රියා කලාපය බොහෝ දෙනාගේ පැසසුමටද ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ක්‍රියාවක්. මෙය සෑම නගරයකම ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම පොදු වැසිකිලි පහසුකම්ද වැඩි කලයුතුය. එසේ හොද වැසිකිලි පහසුකම් ලබාදී නිතිය තදින්ම ක්‍රියාත්මක වන්නේනම් එය වඩාත්ම උචිත වන්නේ යයි අපගේ හැගුමයි. අප දන්නා තරමින් වෙනත් රටවල මෙවන් වැරදි සදහා අධික දඩ මුදල් මෙන්ම දඩුවම් ද ලැබෙන වරදකි.