(කාංචන කුමාර ආරියදාස)
නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ කාලයක් තිස්සේ වල්ලපට්ට ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහළොවකට පමණ වටිනාකමින් යුත් වල්ලාපට්ට තොගයක් සමඟ නකල්ස් වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ දන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ත් ඔවුන් සන්තකයේ තිබී වල්ලා පට්ට කිලෝ 15 ආසන්න ප්‍රමාණයක් ත්‍රිරෝද රථයක් සහ එදා සියුම්ව වල්ලාපට්ටා කපා ගැනීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ රැසක් බව නකල්ස් අඩවි වන නිලධාරී ඒ .වී .ඩී . අමරසිංහ මහතා පැවසීය.
නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ රෙඩ්බානා කොටස ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන අයකුගේ සහයෝගයෙන් ඉතා සූක්ෂම ලෙස මෙම කණ්ඩායම කාලයක් තිස්සේ රක්ෂිතයේ වල්ලපට්ටා ශාකය කපා ගෙන යන බවට තොරතුරු ලැබී තිබුණු බවත් ඒ අනුව අවස්ථා ගණනාවක් ම ඔවුන් කොටුකර ගැනීමට උත්සාහ කළ ද නොහැකි වූ බව වන නිළධාරීන් පවසති.
පසුව ඉතා සූක්ෂම ලෙස පැය 48 ක පමණ කාලයක් නකලස් රක්ෂිතයේ රැක සිටිමින් මෙම පුද්ගලයන් තිදෙනා සැකපිට වල්ලපට්ට ද සමඟ අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.
සැකකරුවන් නාවුල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූපය මහේෂ් කීර්තිරත්න )
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ තිදෙනෙක් අත්අඩංගුවට