(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව කොච්චිකඩේ සහ පුත්තලම ප්‍රදේශවල ධනවත් පුද්ගලයින්ගේ නිවාස බිඳ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනකු සිකුරාදා(09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මීගමුව අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
කුලියට ගත් සුඛෝපභෝගී මෝටර් රථවලින් එම ප්‍රදේශවල සැරිසරා ධනවත් පුද්ගලයින් ගැන තොරතුරු සොයා පසුව මෙලෙස සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සොරකම් කරන ලද රන් භාණ්ඩ අවුරුදු 18ක පමණ තරුණියන් දෙදෙනකු මාර්ගයෙන් උකස් කර ඇතැයි ද පොලිසිය පවසයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.