IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


දසසිල් මාතාවක් පිහියකින් ඇණ මරා දමලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම කුඩා කුඹුක්කඩවල  ප්‍රදේශයේ ආරාමයක දසසිල් මාතාවක් අද (28)   තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මුන්දලම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක දසසිල් මාතාවක් ලෙස පැවිදිවී සිටි මාතාවක් බවත් ඇගේ ගිහි කළ සැමියා විසින් දසසිල් මාතාව ආරාම භූමිය තුළදී පිහියකින් ඇණ ඝාතනය කර ඉන් පසුව සැකකරුද වස පානය කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බවත් මුන්දලම පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ දසසිල් මාතාව පෙබරවාරි 8 වැනි දින සසුන් ගතව ඇති අතර  සසුන් ගත වීමට පෙර තම සැමියා සමඟ ආරාමයට පැමිණ ඇත.

බිරිඳ සසුන් ගත වීමේන් පසුව  ඝාතනය සිදුකළ සැමියා ආරාමය ආසන්නයේ පෞද්ගලික ඉඩමක මුරකාර සේවයට ගොස් ඇති බවත් දෙදෙනොට දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන් මේ වන විට විවාහ වී ඇති බවත්  පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

ආරාම භූමියේදී දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී බවත් ඉන් පසුව අදාල තැනැත්තා පිහියකින් දසසිල් මාතාවට ඇණ බරපතල තුවාල සිදුකර තිබූ බවත් පසුව ගිලන් රථයක් ගෙන්වා දසසිල් මාතාව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කරන විටත් අපවත්වී සිටි බවත් පොලිසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ආරාම භූමිය තුළදීම වස පානය කර ඇති අතර ඔහුද මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමේන් පසුව මරණයට පත්වූ බව මුන්දලම පොලිසිය කියයි.



අදහස් (0)

දසසිල් මාතාවක් පිහියකින් ඇණ මරා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site