IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දොස්තරගේ නම විකුණා සල්ලි ගරලා

 (*** බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය නවදිල්ලි කාර්යාලයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියකගේ නමින් පෙනී සිට ඇය දන්නා හඳුනන අයගෙන් වසර හතක පමණ කාලයක සිට රුපියල් ලක්ෂ ගණනාවක  මුදල් වංචනික ලෙස ලබාගත් බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

සැකකරුවන් සමග විශේෂඥ වෛද්‍යවරියගේ නිවෙසේ තිබී සොරාගත් දුරකතන අංක සඳහන් පොතක් හා සැකකරුවන්  පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලිකව දුරකතනයට විශේෂඥ වෛද්‍යවරිය කතා කරන අයුරින් කතා කර සුවදුක් විමසා මද වේලාවකින් නැවතත් ඇමතුමක් ගෙන තිබූ මෙම සැකකාරිය “මම ත්‍රිකුණාමලයේ සර්වන්ට්ගේ ගෙදර මළගෙයක් වෙලා යන ගමන්. මට පොඩි මුදල් හදිස්සියක් වුණා. පුළුවන්නම්  රුපියල්  15,000ක්  එකවුන්ට් එකට දානවද”‍ යනුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකාරිය හා සැකකරු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 දෙහිවල පොලිසියේ ස්ථානාධිපති එච්.එල්. දුෂ්මන්ත මහතා ලද දුරකතන පණිවිඩය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත විශේෂඥ වෛද්‍යවරියගේ නිවෙසට කතා කර මෙය කිසියම් වංචනික ක්‍රියාවක් බවට දැනගැනීමෙන් අනතුරුව මුදල් ලබාදෙන මුවාවෙන් උපක්‍රමශීලීව එම කාන්තාව පොලිස් ස්ථානයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර 7 කට පමණ ඉහත දී වෛද්‍යවරියගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බවත්, එම නිවෙසින් ඉවත් වන විට එහි  තිබී  සොරා ගෙන ආ දුරකතන අංක සඳහන් පොතේ දුරකතන අංකවලට කතා කර  මෙලෙස මුදල් ගිණුම් ගත කර ගත් බවත්  අනාවරණය වූ බවද ඔහු කීය.

මෙම සැකකාරිය ඒ අයුරින් කොළඹ අවට රෝහල් රැසක වෛද්‍යවරුන්ට මෙන්ම, වෛද්‍යවරියගේ හිතවත් අයට ද දුරකතන ඇමතුම් දී මුදල් වංචා කර ඇති බව ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සැකකාරිය සමග අත්අඩංගුවට ගත් අනෙක් පිරිමි පුද්ගලයා ඇගේ අනියම් සැමියා බවත් පොලිසිය කියයි.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත, උප පොලිස් පරීක්ෂක රුවන් ප්‍රභාත් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

 



අදහස් (0)

දොස්තරගේ නම විකුණා සල්ලි ගරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site