IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු දැව සමඟ අත්අඩංගුවට

( කුෂාන් ජයවරධන)   
 
කහල්ල පල්ලේකැලේ අභය භූමියේ ඇති වටිනා ගස් කපා එම අභයභූමියට යාබදව පිහිටි පුද්ගලික ඉඩම්වලට රැගෙනවිත් දැව ලෙස ඉරා  අලෙවි කළ දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයක් දැවතොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීහු අද (30) සමත් වූහ.
 
ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු හා අදාළ දැව තොගය අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබිණ. අභයභූමියට  මියට ගලේගොඩ ප්‍රදේශයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබිණ.
 
මෙම සැකකරු කළක පටන් සූක්ෂම ලෙස මෙම දැවජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
 
සැකකරු දැව ප්‍රවාහනයට යොදාගත් ටේලරය සහිත අත්ට්‍රැක්ටරයක් ද දැව සදහා රැගෙනවිත් තිබූ විශාල ගස්වලින් කැපූ කොටන් තොගයක් ද උලුවහු පරාළ ඇතුලු ඉරන ලද දැව තොගයක් ද දැවකදන්වලින් ඉවත් කළ පිටපලු 200කට ආසන්න තොගයක් ද වනජීවී නිලධෘරීන් විසින් සිය භාරයට ගෙන තිබිණ.
 
කොහොඹ, හල්මිල්ල, ගොඩකිරිල්ල ආදී වටිනා ගස් වරග සැකකරු මෙලෙස දැව ඉරිම සදහා නිති විරෝධීව කපා ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති අතර පසුව ඔහු හඹා ගොස් යළී අත්අඩංගුවට ගැනීඹට වනජීවී නිලධාරීන් සමත්ව තිබිණ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නෑගම්පහ ගලේගොඩ ප්‍රෙද්ශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
 
අත්අඩංගුවටපත් සැකකරු හා දැව තොගය කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණ්‍ය වෙත ඉදිරිපත් කිරීඹට නියමිතව තිබිණ.
 
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂඛ ඩී රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව නියාමකවරැන් වන සමීර රත්නායක සූජීව ප්‍රසන්න සමීර විජේසිංහ හා ස්වෙච්ඡා මාරගෝපදේශක ආනන්ද බංඩාර හා  එම කාරයාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක උපනියාමක ආර්.බී.එස්.වික්‍රමසිංහ සිවිල් ආරක්ෂක සෙබලුන් වන  ජානක දිසානායක සම්පත්වීරසූරිය ඇතුලු නිලධාරීහු පිරිසක් එම මෙහෙයුම සිදුකර තිබිණ.



අදහස් (0)

දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු දැව සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site