(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට එරෙහිව එම පාසලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(07) විරෝධතාවක නිරතවූහ.
වසර දෙකක පමණ කාලයක සිට මෙම නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලේ පරිපාලනයට බාධා කරමින් සිසුන්ට ඉගැන්වීම් නොකර ඇයගේ පෞද්ගලික කටයුතුවල යෙදෙන බවට චෝදනා කරමින් ඔවුහු විරෝධය පළ කළහ. මේ හේතුවෙන් පාසල ආසන්නයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.
එම විදුහල්පතිනියගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගුරුවරුන් පීඩාවට පත්වී ඇතැයිද දරුවන් 250 ක පමණ පිරිසකගේ අධ්‍යාපනයට බාධා එල්ලවී ඇතැයිද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ගුරුවරු ප‍්‍රකාශ කළහ.
ඇය රාජකාරිය සඳහා අද පාසලට පැමිණෙන අවස්ථාවේදී මව්පියවරුන් විරෝධය දැක්වීමෙන් බාධා වී යැයි දිවුලපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි. පසුව එහි පැමිණි දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී.එස්. පි‍්‍රයන්ත මහතා බලධාරීන් දැනුවත් කර නිසි පියවර ගන්නා ලෙසද ඔවුන්ට දැනුම් දුන්නේය.
මෙම නියෝජ්‍ය විදුහල්පතිනියගේ වැඩපිළිවෙළ ගැටලුවක් බවත්, ඇය සේවය කළ සෑම ස්ථානවලදීම ගැටලු ඇති කරගත් අයෙකු බවත්, මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කළ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන නිලධාරියෙක් සඳහන් කළේය.
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී සඳහන් කළේ නියෝජ්‍ය විදුහල්පතිනිය සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා අතර ඇය මාරුවීමක් ඉල්ලන්නේ නම් වහාම ඒ සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවයි.
එම නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ විදුහල්පතිනියගේ බලපෑම මත මෙම මව්පියවරුන් විරෝධය පළ කර ඇති බවත්, දෙමාපියන්ගේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවත්ය.


2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිවුලපිටිය විදුහලක නියෝජ්‍ය විදුහල්පතිනියකට එරෙහිව විරෝධයක්