IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිවුලපිටිය ප්‍රා.සබේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ බටේපොල විජයසිරි 

දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කළ නන්ද කුමාර සකලසූරිය මහතා (පොදු ජන පෙරමුණ ) අද 29 උදේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට පනස් අට හැවිරිදි වියේ පසු වූ සකලසූරිය මහතා දෙදරු පියෙකි .

1991දී ප්‍රාදේශීය සභා පාලනය  ආරම්භයත් සමඟ දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සකලසූරිය මහතා මිය යන තෙක්ම නොකඩවා එහි නියෝජිතයෙක් ලෙස කටයුතු කළේය .

1997 සිට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද නන්ද කුමාර සකලසූරිය මහතා ය.

පසුගිය පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵල ප්‍රතිඵල වලින් පසුව ඔහු සභාපති පදවියට පත් කරනු අතර ඉකුත් සතියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයා විසින් පරීක්ෂණයකට යටත්ව සභාපති පදවියේ කටයුතු කිරීම තාවකාලිකව නවතා තිබිණි.

කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ සකලසූරිය මහතා දැඩි ලෙස ගිලන් වීමෙන් පසු රාගම සහ වැලිසර රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දී  මරණයට පත් විය.

දේහය දිවුලපිටිය මීගමුව පාර නිවසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර  ඉරිදා 31 පස්වරු  4.00 ට මරදගහමුල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පවුලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
 



අදහස් (0)

දිවුලපිටිය ප්‍රා.සබේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site