
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන දෙල්ගොඩ පුබුදුගම පෞද්ගලික විදුලි බලාගාරයක සේවය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (26) දෙල්ගොඩ ගඟේ තිබියදී සොයාගත් බව කලවාන පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන වතුරාව ප්‍රදේශයේ පදිංචි සී .සරත් නැමැති 48 හැවිරිදි පුද්ගලයකු බව කලවාන පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා පෙරේදා (24) දහවල් සේවයට පැමිණ ඇති අතර ඔහු අතුරුදන් වී ඇතිබවට ලැබුණු පැමිණිල්ලක් අනුව කලවාන පොලිසිය, නාවික හමුදාවේ සහාය ඇතිව ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර අද (26) ඔහු සේවය කළ විදුලි බලාගාරය අසල ගඟේ තිබී ඔහුගේ මෘතදේහය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස් දයාවංශ මහතාගේ මූලිකත්වයෙන් කලවාන පොලීසිය විසින් සිදුකරයි.
2025 නොවැම්බර් මස 21
110
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දෙල්ගොඩ ගඟේ මළසිරුරක්