IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දරුවන් පෙන්නා වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ්

(ආනන්ද ඉ. ජයකොඩි)

 
දරුවකුගේ ශල්‍යකර්මයකට යැයි කියා ව්‍යාජ සහතික පත් පෙන්නා වංචනිකව නිට්ටඹුව නගරයේ මුදල් එකතු කරමින් සිටි බව කියන සැකකාරියන් දෙදෙනෙකු ලබන මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ මහතා අද (10) පස්වරුවේ නියෝග කළේය.
 
මොවුන් සන්තකයේ තිබී රෝගී දරුවන්ගේ යැයි ජනතාවට පෙන්වූ ව්‍යාජ පින්තූර, ව්‍යාජ වෛද්‍ය සහතික පත්‍ර, රුපියල් 100 වටිනාකමකින් යුත් ටිකට් පත් තොගයක් හා ව්‍යාජ ටිකට් පත් අලෙවි කොට උපයාගෙන තිබූ රුපියල් තුන්දහස් හයක මුදලක් ද අත් අඩංගුවට ගෙන තිබිණි.
 
මොවුන් කාලයක් තිස්සේ විවිධ ප්‍රදේශවලට ගොස් ව්‍යාජ පින්තූර, ව්‍යාජ සහතික පෙන්නා වංචනිකව මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක‍ෂණවලදී හෙළිවී ඇත.



අදහස් (0)

දරුවන් පෙන්නා වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site