( ලලිත් නවරත්න.)
හලාවත ජයබිම ප‍්‍රදේශයේ මවක විසින් සිව්හැවිරිදි පිරිමි දරුවෙකු රත්කළ හැන්දකින් පුච්චා දමා තුවාල සිදුකිරීම හේතුවෙන් සැකපිට අද(29) අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත ජයබිම ප‍්‍රදේශයේ පදිංචි නැමති 44හැවිරිදි මවකි.
තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවා ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇත.
පොලීසිය කළ විමර්ෂණ වලදී හෙලිවී ඇත්තේ තම දරුවාගේ අකීකරුකම හේතුවෙන් බියකිරීම සඳහා දැරියව රත්වූ හැන්දකින් පුච්චාදමා ඇතිබවයි.
අසල්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙම දරුවාට මව විසින් නිතර අඩම්තේට්ටම්
සිදුකරන බවටද තොරතුරු ලැබී ඇත.
සැකකාර මව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd