
(ටෝනි කරුණානායක)
වැලිවේරිය පොලිස් වසමේදි බාල වයස්කාර දැරියක් බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩඇතිව වසර 2ක සිර දඬුවම් නියම කළ ගම්පහ අංක 2, මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා එම සිරදඬුවම වසර 10 කට අත්හිටුවන ලෙස අද (31)නියම කළේය.
එක් චෝදනාවකට රුපියල් 5,000 ක් බැගින් රුපියල් 10,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවන්නේ නම් එක් වසරක සිරදඬුවමක් නියම කළේය.
මෙසේ අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම වූයේ 26 හැවිරිදි පුද්ගලයකුටය.
වින්දිත දැරිය එවකට වයස අවුරුදු 15ක් බවත් විත්තිකරුට වයස අවුරුදු 21ක් බවත් එවකට දෙදෙනා පෙම්වතුන් බවත් මහාධිකරණයේදී අනාවරණය විය.
2015 වර්ෂයේ අගෝස්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දී වැලිවේරිය මුදුන්ගොඩ ප්‍රදේශයේ දි දැරිය අපහරණය කර අපයෝජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුට මෙසේ දඩ සහ අත් හිටවු සිරදඬුවම් නියම කෙරිණි. රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවීමට නියම කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක අපයෝජනය කළැයි වසර 5කට පසු අත්හිටවු සිරදඬුවම්