( නිශාන්ත කුමාර)
දිය මකුළුවෙකු සපා කෑමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත් මීගහකිවුල කැටවත්ත ගම්මානයේ තරුණයෙකු අද (25) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කැටවත්ත මොරහෙල ගම්මානයේ පදිංචි අවුරුදු විසි 27 ක තරුණයෙකි.
නිවස පිටුපස තිබූ පැරණි ලී ගොඩක් ඇවිස්සීමට යෑමේ දී ඔහු දිය මකුළුවාගේ සපා කෑමට ලක්ව තිබේ.
දිය මකුලුවා සපා කෑමෙන් පසුව ඔහුගේ දෑත් සහ දෙපාවල කෙණ්ඩා පෙරැළීමට පටන් ගෙන ඇති අතර අසාත්මිකතාවයක්ද ඇති වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd