ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කොග්ගල කොටවාන ගල අසල මුහුදේ අද (13) දින දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලීමෙන් පුද්ගලයකු මිය ගිය බව කරාපිටිය පොලිසිය පවසයි.
අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ ඔහු 36 හැවිරිදි පුද්ගලයෙකි.
මෙසේ අවාසනාවත්ත ලෙස මියගොස් ඇත්තේ මෝදරගොඩ, කොග්ගල,හබරාදුව යන ලිපිනයේ පදිංචිව සිටි ගිංතොට පොල්වත්තගේ චරිත් තරංග නැමැති අවිවාහකයෙකි.
දියේ ගිලීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවයෙන් මෙම පුද්ගලයා කරාපිටිය රෝහල වෙත රැගෙන විත් තිබේ.
මියගිය අයගේ මෘත ශරීරය පිලිබඳ පශ්චාත් මරණ පරික්ෂණය හෙට (14) දින කරාපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතය.
හබරාදුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd