(කාංචන කුමාර ආරියදාස)
මිතුරන් සමඟ සාදයකට සහභාගී වී දිය නෑමට ගිය තරුණයකුගේ මළ සිරුරක් ගලේවෙල දේවහුව දමන අලුත්වැවේ තිබියදී සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි. එම මරණය සැක සහිත බව ඥාතීහු පවසති.
මියගොස් ඇත්තේ ගලේවෙල පහලදිග්ගල ප්‍රදේශයේ පදිංචි බී. එම්. සාරංග සම්පත් ජයතිලක නමැති 31 හැවිරිදි තරුණයෙකි.
දියේ ගිලී මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඥාතීහු දැඩි සැකයක් පවතින බව පොලීසියට දැනුම් දී තිබේ.
එම තරුණයා මිතුරන් හතර දෙනෙකු පැමිණ දියනෑම සඳහා යන බව පවසමින් ගලේවෙල දමන අලුත්වැවට ගොස් ඇති බව ඥාතීන් පොලිසියට දැනුම් දී තිබේ. මිතුරන් සමඟ එම ස්ථානයේදී මත්පැන් පානය කරමින් සිට වැවේ දියනෑමට ගිය බවත් තරුණයා වැවේ එගොඩට පිහිනමින් සිටියදී එක්වරම දියේ ගිලී අතුරුදහන් වූ බවත් මිතුරෝ පැවසූහ.
දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයා සොයාගෙන ගොඩට ගෙන ගලේවෙලට රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් තිබූ බව පොලිසිය කියයි.
තරුණයා දියේ ගිලී අතුරුදන් වූ අවස්ථාවේ සිට සාදය පැවැත් වූ තරුණයන් සිව්දෙනාම මඟහරිමින් සිටින බවත් මියගිය තරුණයාගේ ජංගම දුරකථනය තලා දමා එම තරුණයන් ළඟ තිබූ යතුරුපැදියක අසුන යට සඟවා තිබියදී පොලීසිය සොයාගත් බවත් පිළිබඳව සැකයක් මතුවන බව ඥාතීහු පැවසූහ.
තරුණයාගේ බව කියන කැඩී ගිය ජංගම දුරකථනය හා මිතුරන් පැමිණි යතුරුපැදිය පොලිසිය බාරයට ගෙන ඇත.
ගලේවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.




2025 නොවැම්බර් මස 21
180
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දියේ ගිලී මියගිය තරුණයාගේ මරණය සැක බව ඥාතීහු කියති