(ජේ.කේ.එල් චාමින්ද)
දඩැල්ල වෙරළ තිරයේ දි කාන්තාවක් රළ පහරකට හසුවිමෙන් ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් අද (12) පස්වරුවේ මියගොස් ඇතිබැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මෙකි කාන්තාවක් පුරුද්දක් වශයෙන් දඩැල්ලවෙරළ තිරය වෙත ගොස් රළ පා ගන බවද පැවසේ. රක්තවාතය නිසා පාද මුහුදු වතුරේ දමාගෙන සිටියදි එකවරම රළ පහරකට හසුවි ඇය ගසාගෙන ගොස් තිබේ.
පසුව නාවික හමුදාව මගින් ඇය ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.
ඇය රෝහලට ඇතුලත්කරණ විටත් මියගොස් සිට ඇති බැව් රෝහල් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ඉදුරුව බඩැල්ගේ සුමනාවති (73) නැමති දඩැල්ල මහමුදලි මාවතේ පදිංචි කාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා!