IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹුලු රෝහලේ අඩුපාඩු බලන්න මධ්‍යම ආණ්ඩුකාරවරිය යයි

(කාංචන කුමාර ආරියදාස)
 
වර්තමානයේ දේශපාලඥයන් විවිධාකාරයෙන් මංකොල්ලකෑම් සූරාකෑම හොරකම් කිරීම් සිදු කරන බව රටම දන්නා බවත් ඒ සියලු දෙනාම කිසිදු තරාතිරමක් නොබලා ජනාධිපතිවරයාගේ කිසිදු සමාවක් නොලැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පැවසුවාය.

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වර්තමානයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා ආණ්ඩුකාරවරිය හදිසියේ නොදන්වා දඹුල්ල මූලික රෝහලට පැමිණ සිටීම විශේෂත්වයකි.

දඹුල්ල මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බලා අවසානයේදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය.
දඹුල්ල මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ව අවධානය යොමුව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් වෙන් කොට ලබා දී තිබෙන බව ද ඇය සඳහන් කළාය.

දඹුල්ල මූලික රෝහල නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර රෝගීන්ට ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා බරපතල ප්‍රශ්න රැසක් මතුව ඇති බව ඇය සිදුකල සොයාබැලීමේදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබිණි. රෝගීන් දෙදෙනා තුන්දෙනා බැගින් එක ඇදක  ප්‍රතිකාර ලබන බවත් බාහිර රෝගී අංශයේද දැඩි තදබදයක් ද ඇයට දැකගන්නට හැකිවිය. 

ජනාධිපති වරයාගේ කඩිනම් අවධානය යොමුවී දඹුල්ල මූලික රෝහල ඉක්මනින් ඉදි කොට ජනතාවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා විවෘත කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සියලු උපදෙස් නිරන්තරයෙන් ජනාධිපතිවරයා විසින් තමන් වෙත ලබාදෙන බවද සඳහන් කළාය.

මේ අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ශාන්ති සමරසිංහ දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ගාමිණී සේනානායක යන මහත්වරු ඇතුළු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

දඹුලු රෝහලේ අඩුපාඩු බලන්න මධ්‍යම ආණ්ඩුකාරවරිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site