(නිමල් ජයරත්න)
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ, අරලගංවිල වැලිකන්ද යන අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 101ක් සඳහා ගුරුවරුන් 313දෙනෙකු හිඟවීම හේතුවෙන් පාසල් දරුවන් අසීරුතාවට පත්ව ඇතැයි කලාපයේ මව්පියවරු කියති.
බුද්ධ ධර්මය, ගණිතය, තාක්ෂණික විෂයන් මෙන්ම මූලික විෂයන් සඳහා ගුරු පුරප්පාඩු පවතින බව ඔවුහු පෙන්වා දෙති.
දිඹුලාගල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගුරු පුරප්පාඩු 600ක්ද උතුරු මැද පළාතේ ගුරුවරුන් 1600ක් පමණ හිඟ බවත්ය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක විසින් ඒ බව අනාවරණය කළ අතර ඊට පිළිතුරු දුන් පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතා සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ පළාතේ ගුරු හිඟය පියවීමට කඩිනම් පියවර ගන්නා බවයි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පවතින උග්‍ර ගුරු හිඟය පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක චන්ද්‍රා වාසලමුදලි මහත්මිය මෙසේ පැවසුවාය.
“303ක් වන ගුරු හිඟයට මේ වනවිට ගුරුවරුන් 20දෙනෙකු පමණ කලාපයට ලබාදුන්නා. ඉතිරි පුරප්පාඩු පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් අපට ලැබේවි” යැයි කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍යාංශ මණ්ඩලය ඉකුත් දා අනුමැතිය දී තිබිණි ප්‍රශ්නය විසදා ගත හැකිය.