“රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” තේමාවෙන්, වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිෂ්පාදනය කළ තවත් ප්‍රති ආසූත ජල පිරිපහදු යන්ත්‍රයක් දඹාන ආදිවාසි ගම්මානට පිරිනැමීම සිදු කෙරිණි.
සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ තවත් එක් ප්‍රති ආසූත ජල පිරිපහදු යන්ත්‍රයක් මෙලෙස ආදීවාසී ගම්මානයට පරිත්‍යාග කළ අතර මේ වන විට දිවයින පුරා ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 534 ක් ජනතා අයිතියට පවරා තිබේ.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ජනතා අයිතියට පත් කෙරිණි.
ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලෑත්තන්, ගිනිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්‍ෂ නාවික (පර්යේෂණ හා සංවර්ධන) කපිතාන් ලසිත් ගුණසේකර සහ ශ්‍රී ලංකා නාවික නෞකා මහා නාඝ ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත රණවිර යන නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(36698)




2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹානටත් ආසූත ජල පෙරණයක්