IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙමළ දේශපාලන සිරකරුවන් තෙවැනි දිනටත් උපවාසයේ

එෆ්.අස්ලම්


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින තමන්ට එරෙහි විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හෝ පුනරුත්තාපනය කර සමාජ ගතකරන ලෙසට බලකරමින් අනුරාධපුරය බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් බලකර සිටීයි.


අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින මෙම සැකකරුවන් අට දෙනෙකු තමන්ව නිදහස් කරන්නැයි බලකරමින් පසුගියදා (14) වැනි දා උපවාසයක් ආරම්භ කළහ.


වසර 9ක කාලයක් බන්ධනාගාර ගතකර සිටින යාපනයේ පදිංචි මරියදාස් සුලක්ෂන්,රාසදුරෙයි තිරුවරුන්,සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජ්,රාසපල්ලවන් තබෝරූපන්,රාසදුරෙයි ජෙගන්,සූරියකාන්තී ජයසුන්දරන්,සිවප්‍රකාශන් සිවශීලන්,තංගවේල් නිමලන් යන රැදවියන් මෙලෙස උපවාසයේ නිරතව සිටිති.


තමන්ව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතකර සිටින්නේ සැලසුම් සහගතව බවත් නීතිපතිවරයා විසින් හිතාමතාම තමන්ට එරෙහි නීතිමය පියවර ගැනීම පමා කරන බවත් මොවූහු චෝදනා කර සිටිති. 


මේ අනුව තමන්ට එරෙහිව අධිකරණය හමුවේ සිදුකරන කඩිනම් කර මුදාහැරීමට හෝ සෙසු කොටි සාමාජිකයින් 12000ක් පුනරුත්තාපනය කර මුදා හැරියා සේ පුනරුත්තාපනය කර සමාජ ගතකිරීමට පියවර ගතයුතු බවත් බලකරන මෙම සැකකරුවන් තමන්ගේ මෙම ඉල්ලීම් වෙනුවෙන් දෙමළ දේශපාලන නියෝජිතයින් රජයට බලකර සිටිය යුතු බවද අවධාරණය කරයි.



අදහස් (0)

දෙමළ දේශපාලන සිරකරුවන් තෙවැනි දිනටත් උපවාසයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site