ක.ග කරුණාරත්න
පොලොන්නරුව, කදුරුවෙල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයක අද (19) උදේ ගින්නක් ඇතිවී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
එහි බිම්මහලේ පිහිටි වෙළඳසැලක මුලින්ම ගින්න ඇති වී මහල් දෙකෙහිම වෙළඳසැල් 04 කට පමණ එය පැතිරී ගොස් තිබේ.
පොලොන්නරුව මහනගර සභාවේ ගිනිනිවීම් ඒකකය, පොලිසිය සහ මහජනතාව එක්ව ගින්න පැතිරීයාම මැඩපවත්වා පසුව එය මුළුමනින්ම නිවා දමාඇත.
ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණයවී නැතැයි විමර්ශණ කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
බොහෝදුරට විදුලිය කාන්දුවීමක් නිසා එය ඇතිවන්නට ඇතැයි විශ්වාසකෙරේ.
ගින්න හටගැනීම නිසා වෙළඳසැල්වලට සිදුව ඇති අලාභහානිය කොපමණද යන්න මෙතෙක් තක්සේරු කරනැත.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
275
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙමහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්