(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහු අද අලුයම 5.20 ට පමණ ඩුබායි සිට පැමිණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුනක මෙම දුම්වැටි තොගය අසුරා ගෙන තිබූ අතර , එම ගමන් මලු වල ඔහුගේ ඇදුම් හෝ වෙනත් පෞද්ගලික කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
එපමණක් නොව ඔහු මෙම දුම්වැටි තොගය ගෙන ඒම සදහාම ඩුබායි වෙත ගොස් ඇති බවත් රේගුව සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 14,98,000 ක් බවත් , එම ගමන් මලු වල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 29,960 ක් තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්වැටි සමඟ රේගුවේදී ලාංකිකයෙක් දැලේ