(ටී.කේ.ජී.කපිල )
මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල භාණ්ඩ ගබඩා සංකීර්ණයේ දී රේගු නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගනු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
කුවේටයේ වසර 30 ක් සේවය කළ 50 හැවිරිදි කන්තලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට මෙම භාණ්ඩ තොගය නැව් මගින් එවා තිබිණි.
මෙම කාන්තාව කුවේටයේ දී එරට වැසියකු සමඟ විවාහ වී සිටින අතර මෙවර ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 10 කට පසුවය.
මෙහි ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 45,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 225 ක් තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් 22,50,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම කාන්තාවට රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd