(එස් .ඩි .කොඩිකාර )
රේගු නීති උල්ලංඝණය කරමින් චීන ජාතිකයකු මෙරටට රැගෙන ආ රුපියල් හාරලක්ෂ අසූපන් දහසක් වටිනා දුම්වැටි තොගයක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය කියයි.
කතරගම මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පැමිණි චීන ජාතිකයකුගේ නවාතැන්පොලේ තිබි නීති විරෝධී දුම්වැටි 8100 ක් කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදුන් තොරතුරක් මත මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත .
චීනයේ නිෂ්පාදිත මෙම දුම්වැටි සමාගම් පහකට අයත් ඒවා බවත් මෙම දුම්වැටි ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 85-90 අතර මිලකට අලෙවි කරන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් 52 හැවිරිදි චීන ජාතිකයා සහ දුම්වැටි තොගය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.