(ජේ. කේ. එල්. චාමින්ද)
දෙවට කටුගොඩ දුම්රිය ස්ථානය අසළදී පුද්ගලයකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
දුම්රිය වේදිකාවට ගොඩවීමට යාමේදී එම පුද්ගලයා අනතුරට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා 60 හැවිරිදි පුද්ගලයකු බවද ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවද පොලිසිය පවසයි.
ගාල්ල වරාය පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd