සැප්තැම්බර් 17 වැනිදා ට යෙදී තිබු අනගාරික ධර්මපාල තුමන්ගේ 152 වැනි ජන්ම දිනය වෙනුවෙන් එතුමන් විසින් ඉටුකළ උදාර සේවය සිහිපත් කර එතුමන් හට පින් පැමිණවීම පිණිසත් ධර්මපාලතුමන් විසින් ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ 90 වැනි සංවත්සරය සිහිපත් කිරීම පිණිසත් පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ හීල් දානමය පින්කමක් සැප්තැම්බර් 17 වැනි සෙනසුරාදා සහ 18 වැනි ඉරිදා දෙදින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනාවෙන් විහාර පාලක මණ්ඩලයේ සහ දායක කාරකාදීන්ගේ සහායයෙන් සංවිධානය කෙරුන එම පිංකම සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ මහානිකායේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, එම විහාරවාසී මාපලගම සෝරත හිමි, බැරගම පියරතන හිමි, මීවැල්ලාවේ පඤ්ඤාතිස්ස හිමි, ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවල විමල හිමි, ලෙච්වර්ත් ධම්මනිකෙතනාධිපති අකුරල සමිත හිමි, රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතියාගොඩ හේමරතන හිමි, ඊස්ට්හැම් ලුම්බිණී විහාරාධිපති මාකුරේ මංගල හිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමි, ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිකාරී මතුගම පාලිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරාධිපති දොඩම්ගොඩ සුමේධ හිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමි සහ නේපාලේ සුමන හිමි සමඟ ලන්ඩන් බෞද්ධ විහාරවාසී බෝගොඩ සීලවිමල නාහිමි,තවලම බන්දුල හිමි, කෝන්වැවේ අරියරතන හිමි සහ කළුගමුවේ කස්සප හිමි සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දම්පල් තුමන්ගේ අගය ලන්ඩනයේ සමරයි